ඉංජිනේරුවන්ගේ දැඩි හිඟයක්.

Date:

දැනට පවතින ඉංජිනේරුවන්ගේ දැඩි හිඟය හේතුවෙන් දිවයිනේ මහා පරිමාණ ඉදිකිරීම් සහ සම්පූර්ණ කරන ලද ජලාශ පද්ධතිවල නඩත්තු කටයුතු පාලනයෙන් ගිලිහී බරපතල අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති එල්.එස්. සූරිය බණ්ඩාර මහතා අවධාරණය කරයි.

සූරිය බණ්ඩාර මහතා කියා සිටියේ, රාජ්‍ය සේවයේ අනුමත ඉංජිනේරු සංඛ්‍යාව 1520ක් වුවත්, දැනට 670ක විශාල හිඟයක් පවතින බවයි.

මෙම අර්බුදය තවත් උග්‍ර කරමින්, දිගු කාලීන අත්දැකීම් සහිත ඉංජිනේරුවන් මෙන්ම විශ්ව විද්‍යාලවලින් අලුතින් පිටවන උපාධිධාරීන් අතරද විදේශගතවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් තිබීම රටට බරපතල තත්ත්වයකි.

ඉංජිනේරුවන් 300ක් බඳවා ගැනීමට මුලදී කටයුතු සූදානම් කර තිබුණද, එම බඳවා ගැනීම් තවමත් සිදු වී නැත.

මේ තත්ත්වය දිගටම පැවතුනහොත්, 2030 වසර වන විට මෙරට ඉංජිනේරු හිඟය ජාතියටම දැඩි ලෙස බලපාන බවට ඔහු අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...