ඇමති බිමල් මන්ත්‍රී නාමල් ට දෙහි කපයි

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති වෙන්න හදන බැවින් නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේ දැයි ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“මේ කුඩු සංස්කෘතිය ඇති කරපු පුද්ගලයින් මෙතන කතා කරනකොට ඒ කාරයෝ රැකපු අදත් අතට අහුවෙද්දි, තමන්ගේ දේශපාලන පක්ෂයේ, තමන්ගේ දිස්ත්‍රිත්කයේ, තමන්ගේ ආසනයේ, තාත්තගේ, බාප්පගේ ආසනේ කුඩු විකුණලා අතට අහුවුණාට පස්සෙත් අද මෙතනට ඇවිත් මොකක්ද කියන්නේ.?

අද කියනවා, කුඩු ගෙනාවේ මේ ආණ්ඩුවලු, කුඩු යන්න දුන්නේ මේ ආණ්ඩුවෙන් ලූ, ගෙනල්ලා එතන වල දැම්මා. මොකක්ද මේ කියන්නේ, ඔව් අපි කුඩු ගෙනාව තමයි. ඇයි ඕගොල්ලෝ ඇල්ලුවේ නැත්තේ. දැන් මේ 2029 ජනාධිපති වෙන්න හදනවා නේද.. කොහෙද.? අයිස්ලන්තෙද.?

නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තෙද.. අයිස්ලන්ත ආණ්ඩුවෙන් මම දන්නවා අපේ රටට විවේචනයක් එනවා මේ කුඩුකාරයෝ නිසා. දැන් මොකක්ද මේ ප්‍රධාන තර්කේ. ඇයි අපි කුඩු ගෙනාව තමයි ඇයි රේගුවෙන් ඇල්ලුවේ නැත්තේ. අපි කුඩු ගෙනාව තමයි ඇයි පොලීසියෙන් ඇල්ලුවේ නැත්තේ.

ඇල්ලුවේ නැත්තම් ඇල්ලුවේ නැති එකත් ප්‍රශ්නයක් තමා. ඔය රේගුවෙවත්, පොලීසියෙවත් අපි දාපු නිලධාරියෙක් නෑ. මේ කුඩු ව්‍යාපාරය සහමුලින්ම ගොඩනගලා පවත්වාගෙන යන ගමන් ඒකට තව එකතු කරනවා අති දැවැන්ත තක්කඩි කමක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...