විමල්ගේ වත්කම් නඩුව ඔක් 22 කැදවයි.

Date:

වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී, විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව පවසමින්, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව, නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට අධිකරණය නියම කළ අතර, අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසද විනිසුරුවරිය අවවාද කර ඇත.

2010 සිට 2014 දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි සමයේදී රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසම විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...