මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සපයන්නන් හට ප්‍රතිලාභ රැසක්.

Date:

මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීමෙන් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේ කොළඹ පැවති සමුළුවකදිය.

සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම්කරමින් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ප්‍රචාරණයක් ලබාදීම ඇතුළු කරුණු අරමුණු කරගත් ෆින්ටෙක් 2025 සමුළුව අද පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබාදෙන පියවරක්. එම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව, දෙවැනුව වාණිජ බැංකු, පාරිභෝගිකයින් ඒ කියන්නේ ජනතාව අයත්වනවා. මූල්‍ය සේවා හෝ අවම වශයෙන් ගෙවීම් ක්‍රමවේදයන් ඩිජිටල්කරණය තුළින් මුදල් මුද්‍රණය සඳහා පිරිවැය අඩුවී මුදල් ඉතිරියක්ද සිදුවනවා. එහිදී මහ බැංකුවට එම ප්‍රතිලාභ ඉදිරි තලයට ලබාදිය හැකිවේවි. වාණිජ බැංකු මගින් ඩිජිටල්කරණය සඳහා සිදුකරන ආයෝජන ඉහළ ප්‍රතිලාභ හිමිකර දෙන බව කිව යුතුයි. මුදල් හුවමාරු සහ මුදල් පරිපාලනය ඉන් පහසුවනවා වගේම පිරිවැය අඩුකරනවා. මම හිතන විදිහට එයින් වැඩිම ප්‍රතිලාභයක් හිමිවන්නේ පාරිභෝගිකයින්ට. බැංකුවට නොගොස් ගනුදෙනු කරන්න එමගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඩිජිටල්කරණය නිසි ලෙස යොදාගන්නා ජනතාවට තමයි මෙහිදී වැඩිම ප්‍රතිලාභය හිමිවන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...