පාස්කු ප්‍රහාරයේ සාක්ෂි ලබාගැනීමට ආරක්ෂක ප්‍රධානියෙක් කැදවයි…

Date:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශ­න­ව­ලට බාධා වන අයු­රින් තීර­ණා­ත්මක සාක්ෂි කිහි­ප­යක් සැඟවූ බව අනා­ව­ර­ණය වී ඇති ආර­ක්ෂක අංශ ප්‍රධා­නි­යකු සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

ප්‍රහා­රයේ සාක්ෂි සැඟ­වීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් දීර්ඝ විම­ර්ශ­න­යක් සිදු කර­මින් සිටින අතර, එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ අදාළ ආර­ක්ෂක අංශ ප්‍රධා­නියා මෙසේ සාක්ෂි සැඟ­වී­මට කට­යුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිල­ධා­රීන්ට සාක්ෂි වෙනස් කිරී­මට සහය දීමද සිදු කර ඇති බවයි.

මේ පිළි­බඳ අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසු අදාළ ආර­ක්ෂක අංශ ප්‍රධා­නියා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කැඳවා ප්‍රශ්න කිරී­මට නිය­මි­තය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් 300කට අධික පිරි­ස­කගේ ජීවිත අහිමි විය.

මේ පිළි­බද අංශ කිහි­ප­යක් ඔස්සේ විම­ර්ශන සිදු කළ අතර, පසු­ගිය කාල­යේදී එම විම­ර්ශන අඩාළ කිරීම පිළි­බද චෝදනා රැසක් එල්ල විය.

2019 නොවැ­ම්බර් මාස­යේදී මේ පිළි­බඳ විම­ර්ශන කළ විශාල පිරි­සක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිට වෙනත් රාජ­කාරි සදහා රට පුරා පොලිස් ස්ථාන­ව­ලට අනු­යුක්ත කරනු ලැබූහ.

ඉන් පසු එම විම­ර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර අත්අ­ඩං­ගු­වට ගන්නා ලද අතර, මේ වන විට යළිත් අදාළ විම­ර්ශන භාරව සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වර්ත­මාන අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...