ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතී

Date:

බඩ ඉරිඟු ආනයනය සීමා වීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇණහිට තිබේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රින් ටොන් දහ අට දහසක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය වූ බවයි.

එහෙත්, ආනයන පාලක ජනරාල්වරයා ඊට සංශෝධන ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පැවසුවේ, එම සංශෝධන ඇතුලත් නව කැබිනට් පත්‍රිකාව ලබන 7 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක්, බඩ ඉරිඟු ආනයනය සීමා කර ඇති බවයි.

ඒ හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණහිට ඇතැයි සභාපතිවරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ලබන 7 වැනිදායින් පසු බඩ ඉරිඟු ආනයනය ආරම්භ කිරීමත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

දැනට නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ තොග දිවයිනපුරා බෙදාහරිමින් සිටින බව ද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...