තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.

Date:

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට හට නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 5 වනදා අධිචෝදනා හම්බන්තොට මහාධිකරණයේදී අද (25) භාර දී තිබේ.

සචිත්‍ර සේනානායක වෙනුවෙන් පිනීසිටි අජිත් පතිරණ මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම විසින් අධිකරණය මහින් ඉල්ලා සිටියේ සචිත්‍ර සේනානායක විදේශ රටක ක්‍රීඩා කරමින් සිටින බවත් විදෙස් රටක රැකියාවක නිරතව සිටින බවත් පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙසය.

පසුව එය සලකාබලමින් නොවැම්බර් 27 තෙක් තාවකාලිකව ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කළ බව අප වාර්තාකරු පැවසීය.එමෙන්ම අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සචිත්‍ර සේනානායක මුදා හැරීමටත් නැවත මෙම නඩුව 2025 නොවැම්බර් 27ට කැඳවීමට නියෝග කරන ලදී.

මීට පෙර 2025 ජුලි 09 දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සචිත්‍ර සේනානායක එම නඩුවට පෙනී නොසිටි අතර එහිදී අද (25) දින අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය මගින් එදින නියම කර තිබේ.මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාතු මහතා පෙනිසිටි බව අප වාර්තාකරු පැවසීය.

ක්‍රීඩා දූෂණ වැළක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රීඩකයෙකුට තරග පාවා දීමක් යටතේ නඩු ගොනුකළ පළමු අවස්ථාව මෙයයි.එමෙන්ම තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...