ජපාන සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට

Date:

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01)උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගියේය.

පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

ඒ අනුව සංචාරය නිම කරමින් ඔවුන් සියලුදෙනා අද උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් වගාව ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් සල්ලි

පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී...

මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා...

ක්‍රිප්ටෝ කඩා වැටිම නිසා ට්‍රම්ප්ගේ සමාගමකට ඩොලර් මිලියන 238ක පාඩුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත...