(කෝපා)අභිනව සභාපතිවරයා කබීර් හෂීම්.

Date:

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්, පසුගිය 06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත් කර තිබේ.

සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කර තිබෙනවා.

දේශපාලන මතවාද වලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා පවසා සිටියේය.

එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද අභිනව සභාපතිවරයා ප්‍රකාශ කළේය.තවද නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තදුරටත් විධිමත් කරමින් පවත්වා ගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...