කලාපීය සාමය , සමුද්‍රීය ආරක්ෂාව සදහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන්.

Date:

සාමය ආරක්ෂා කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ නීති මත පදනම් වූ කලාපීය වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

විශාල සහ කුඩා ජාතීන් අතර අසමාන හවුල්කාරිත්වයන් මධ්‍යයේ වුවද, ඉන්දියාව තම අසල්වැසියන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේදී ආදර්ශයක් ලබා දී ඇති බව අවධාරණය කළ ඔහු, 2025 අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල තීරණාත්මක මොහොතක් බව කියා සිටී.

“ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වයට වඩා ඉන්දියාව ශ්‍රී ලංකාවට එහි විශාල වෙළඳපොළවල් වෙත වැඩි ප්‍රවේශයක් ලබා දී තිබෙනවා,” ඔහු පවසයි.

2022 දී අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සැලකිය යුතු සහ කොන්දේසි විරහිත ආධාර පිළිබඳවද ඉන්දීය මහ කොමසාරිස්වරයා සිහිපත් කරන ලදී.

ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමූවූ අවස්ථාවෙදී ඔහු මෙසේ පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...