ඕස්ට්‍රෙලියාව බරපතළ අවදානමක.

Date:

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඕස්ට්‍රෙලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ.

ඒ අනුව ඕස්ට්‍රෙලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.

එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ දැනටමත් ඕස්ට්‍රෙලියානු ජාතිකයින් අදාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින බවය.

මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3 වුවහොත් උෂ්ණත්වය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 400ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...