ඉන්දියාව සහ ලංකාව අතර බලශක්ති සහයෝගීතාවක්.

Date:

ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය.

එහිදී, දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා සමග ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා අවම මිලක් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඇතුලු කරුණු රැසක්ද මෙරට සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීම සඳහා මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වැඩිදුර පුහුණු අවස්ථා ලාංකිකයන්ට ලබාගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡා කර ඇත.

ඒ අනුව මූලික එකඟතා කීපයක් ඇති කර ගැනීමට හැකිව ඇත.

බලශක්ති ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයන් සම්බන්ධ ඉන්දියානු අත්දැකීම් පිළිබඳවද බලශක්ති අරමුණු ඉටුකර ගැනීමෙහිලා එකී ආයතන ව්‍යුහයන් තුළ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ගත හැකි පියවර පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කළ බලශක්ති සංක්‍රාන්ති සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති අතර ඊට බලශක්ති අමාත්‍යවරයාගේ සහභාගීත්වය හා එයට සමගාමීව ඉහත සාකච්ඡා සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...